දේශබන්දුට අධිකරණයෙන් නොතීසි..

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි,දේශබන්දුට නොතීසි...

by Staff writer 21-04-2025 | 8:02 PM

 COLOMBO (News 1st) - ඇප නියමව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු දෙදෙනෙකුට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නොතීසි නිකුත් කළේ ය.

පසුගිය 10 වැනිදා ඇප ලැබීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටව යාමේදී පොලිස් ආරක්ෂාව දෙන ලෙස දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නීතීඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබියදී මෝටර් රථයකින් අධිකරණ භූමියේ සිට පිටව යාමෙන් අධිකරණ නියෝග කඩ කර ඇති බවට කළ කරුණු දැක්වීමක් අනුව මෙම නොතීසි නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට අමතරව එම මෝටර් රථයේ හිමිකරුටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.