ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානයවූ පාස්කු ඉරුදින අදයි

ලෝකවාසි කිතුණු බැතිමතුන් මහත් ප්‍රිතියෙන් සමරණ ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ පාස්කු ඉරු දිනය අදයි...

by Staff writer 20-04-2025 | 7:36 AM

COLOMBO (News1st) - ලෝකවාසී කිතුණු බැතිමතුන් මහත් ප්‍රිතියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබේ.

අද දිනය කිතුණු ජනතාවට සුවිශේෂි වන්නේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇන ගසා මරණයට පත් කිරීමෙන් පසු මරණයෙන් යළි නැගිටීම හෙවත් උත්ථානය සිදු වීමත් සමග 

සකල ලෝක සත්ත්වයා පාපයෙන් ගලවා ගැනීම සඳහා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසය තුළ සිය ජීවිතය පූජා කර දින 3කට පසු එම උත්ථානය  සිදුවිය.

ඊට සමගාමීව ශුද්ධ වූ සතියේ අවසන් ඉරිදා පාස්කු ඉරිදා ලෙස ශුද්ධවු සභාව හඳුන්වයි.

මේ අතර  පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී හෙට (21)  දිනට වසර හයක් සපිරෙයි.

2019 වසරේ අප්‍රේල් 21 වනදා  ප්‍රධාන දේවස්ථාන 3ක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී  හෝටල් තුනක් ඉලක්ක කරමින්  මෙම  ප්‍රහාරයක් එල්ල විය.

ඒ හේතුවෙන් මියගිය ජීවිත සංඛ්‍යාව 260 ට අධිකයි .

මේ අතර එම ප්‍රහාරයත් සමග එම මියගිය පුද්ගලයින් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පත් කිරීමට වතිකානය තීරණය කර තිබේ.

ඒ පසුගිය වසරේ මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ශුද්දෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුවයි.