පාරිභෝගිකයෙකුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

ආහාර මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකුට පහරදුන් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 19-04-2025 | 7:42 AM

COLOMBO (News1st) - ගාල්ල ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකුට පහරදුන් සැකකරුවන් 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් පසු අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන  28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකල බවයි.

අදාල පාරිභෝගිකයා ආහාර ගැනීම සඳහා අවන්හලට පැමිණි අවස්ථාවේදී එහි සේවකයින් පිරිසක් පහරදුන් බවට පොලිසියට පැමිණිලි කර තිබුණි.