මේ වසරේ රිය අනතුරු වලින් 713ක් මරුට

වසරේ ගත වූ කාලය තුළ රිය අනතුරු වලින් 713ක් මරුට

by Staff writer 18-04-2025 | 8:43 AM

COLOMBO (News1st)  - වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය සදහන් කළේ එම පුද්ගලයින් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685 කින් බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරු 31 ක අඩුවීමක් වාර්තා වී ඇත.

ඒ අනුව ගිය වසරේ රිය අනතුරු 713කින් 744 දෙනෙකු මියගොස් තිබුණි.

මේ අතර උත්සව සමයේ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කළේ ය.

ඔවුන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 103 කින්.

පොලීසිය පැවසුවේ එම කාලය තුළ රිය අනතුරු 934 සිදුව ඇති බවයි.

පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මේ වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 23 ක අඩුවීමක් වාර්තා වී තිබේ.

ඒ අනුව ගිය වසරේ මෙම කාලය තුළ රිය අනතුරු 126 කින් 128 දෙනෙකු මියගොස් තිබුණි.