තැපැල් ඡන්ද පත්‍රිකා21 වෙනිදාට පෙර බෙදා දීමට පියවර

තැපැල් ඡන්ද පත්‍රිකා 21 වැනිදාට පෙර බෙදා අවසන් කරනවා - මැතිවරණ කොමිසම

by Staff writer 18-04-2025 | 8:36 AM

COLOMBO (News1st) - සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21 වැනිදාට වනවිට බෙදා අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති R.M. A .L.රත්නායක මහතා පැවසුවේ මීට පසුව කිසියම් අධිකරණයකින් ඒ සම්බන්ධ නඩු තීන්දුවක් ලැබුණහොත් එම පළාත් පාලන ආයතනයේ තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බවයි.

මේ වන විට පළාත් පාලන ආයතන 227ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර තිබේ.

ඒ අනුව ඉතිරි පළාත් පාලන ආයතන 112 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට නියමිතයි.

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව සභාපතිවරයා සදහන් ක‍ළේ ය.

ඔහු සඳහන් කළේ, අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන් වල තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදු කළ යුතු බවයි.