.webp)
මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය.
ප්‍රේමලාල් විජේරත්න මහතා මාධ්‍යවේදී වෘත්තියට අත්පොත් තැබුවේ ‘දවස’ පුවත්පතෙන් සිය මාධ්‍ය කටයුතු ආරම්භ කරමිනි.
පසුව ඉරිදා පෙරමුණ, මව්බිම, ජනයුගය මෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පත්වල ද සේවය කළ ප්‍රේමලාල් මහතා පොලිස්, සෞඛ්‍ය මෙන්ම දේශපාලන ක්ෂේත්‍ර ආවරණය කළ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේ ය.
සිරස මාධ්‍ය ජාලයේ ගුවන් විදුලි අංශයේද දශකයකට අධික කාලයක් සේවය කළ ඒ මහතා සිරස ප්‍රවෘත්ති අංශය ගොඩනගන යුගයේ ඊට උරදී ක්‍රියා කළේ ය.
මියයන විට ඔහු රාජකාරී කරමින් සිටියේ ‘මව්රට’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙනි
ප්‍රේමලාල් විජයරත්න මහතා - දෙදරු පියෙක්.
දේහය අද (17) රාත්‍රියේ සිට මහජන ගෞරවය සඳහා අංක -240, වෙන්නවත්තපාර, වැල්ලම්පිටිය නිවසේ තැන්පත් කර තැබේ.
දේහය පිළිබද අවසන් කටයුතු සෙනසුරාදා පස්වරු 04ට කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතයි.