.webp)
COLOMBO ( News1st ) - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද(17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්ක ඒ අතරට ඇතුළත්.
එම ප්‍රදේශවල ජනතාව එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.