නිල ඡන්ද දැන්වීම් පත් බෙදීම අද සිට..

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද(17) සිට ඇරඹේ..

by Staff writer 17-04-2025 | 6:55 AM

COLOMBO ( News1st ) - පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(17) සිට ආරම්භ කෙරේ.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ ලබන 29 වැනිදා දක්වා එම කටයුතු සිදුවන බවයි.

ඒ සඳහා තැපැල් බෙදුම්කරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර තැපෑලට භාරදුන් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් බෙදා හැරීම ද මේ වනවිට සිදු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය.