ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු ලොවකට උතුම් ආදර්ශයක් ලබා දුන් මහ බ්‍රහස්පතින්දා දිනය අදයි..

by Staff writer 17-04-2025 | 6:31 PM

COLOMBO (News 1st) - මහ බ්‍රහස්පතින්දා දිනය අදටයෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ශ්‍රාවකයින්ගේ පාද දෝවනය කර නායකයා සේවකයා විය යුතු බවට ආදර්ශයක් ලබා දුන්නේ, අදවන් දිනක යි.

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයක් වේ.

මහ බ්‍රහස්පතින්දා ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට පෙර සිය ගෝලයන් සමග අවසන් රාත්‍රී භෝජනය සැමරූ දිනය ලෙස සනිටුහන් කරයි.

මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුළින් පූජාත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම සිදු කළ අතර මහ බ්‍රහස්පතින්දා දේවස්ථානය තුළ මෙම සිදුවීම් සිහිපත් කරනු ලබයි.

අන්තිම රාත්‍රි භෝජනයට පෙර ජෙසුස් වහන්සේ තම ගෝලයන්ගේ පා දෝවනය සිදු කරන ලදී.

මෙයින් අදහස් කරන්නේ නායකයා අන්අයගේ සේවකයා විය යුතු බවයි.

මෙම සම්ප්‍රදාය වර්තමානය දක්වා ගෙන යනු ලබන අතර, පාප් වහන්සේ ඇතුළු සියළුම පියතුමන්ලා සම්ප්‍රදායිකව මිනිසුන්ගේ පාද සේදීම සහ සිප ගැනීම අද සිදු කරයි.