.webp)
COLOMBO ( News1st ) - අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
එම කොමිසම සඳහන් කළේ වැඩිපුර ගාස්තු අය කිරීම, මගීන්ට ආචාර ශීලී නොවීම හා වේගයෙන් රිය ධාවනය කිරිම ඇතුළු පැමිණිලි රැසක් ඒ අතර වන බවයි.
එම සියලු පැමිණිලි විභාගය ලබන 21 වැනිදාට පසුු ආරම්භ කරන බවද ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කළේ ය.
1955 ක්ෂණික දුරකථන අංකය අමතා තවදුරටත් පැමිණිලි යොමු කළ හැකියි.
මේ අතර උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ලබන 21 වැනිදා දක්වා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.