2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග පමෝනාහීදි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝනියාවේ පමෝනාහීදි

by Staff writer 16-04-2025 | 2:55 PM

COLOMBO (News 1st) - 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග පැවැත්වෙන ස්ථානය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව දකුණු කැලිෆෝනියාවේ පමෝනාහි තාවකාලිකව ඉදිකරන ක්‍රීඩාංගනයක ක්‍රිකට් තරග පැවැත්වෙනු ඇති.

වසර 128කට පසුව ඔලිම්පික් උළෙලකදී ක්‍රිකට් තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ජූලි මස 14 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.