.webp)
පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත්ද තබා කොහොඹ පත්‍ර යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යෝග්‍ය බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.
මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේදී පැවැත්වෙයි.
ඒ,මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අති පූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ, බ්‍රහස්පතින්දා පෙරවරු 9,03 ටයි.
රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යාම යෝග්‍ය බව ජ්‍යෝතිෂයේ දැක්වෙයි.