අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි උපදෙස්..

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි උපදෙස්..

by Staff writer 12-04-2025 | 6:42 AM

COLOMBO (News 1st)-උත්සව සමයේදී  සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ , සෑම වසරකම අවුරුදු සතිය තුළ පුද්ගලයින් 28,000 -  30,000 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල් ගතවන බවයි.

අවුරුදු සතිය තුළ පුද්ගලයින් 75 ත් 100 ත් අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු සඳහන් කළේ ය.