අස්වැසුම අප්‍රේල් වාරිකය අද බැංකු ගිණුම් වෙත..

අස්වැසුම අප්‍රේල් වාරිකය අද බැංකු ගිණුම් වෙත..

by Staff writer 11-04-2025 | 6:49 AM

COLOMBO ( News 1st ) - අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අප්‍රේල් වාරිකය බැංකු ගිණුම් වෙත අද මුදා හැරේ.

සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ ඒ අනුව ප්‍රතිලාභීන් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් ගිණුම් වෙත යොමු කරන බවයි.

එම ප්‍රතිලාභි පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි පුද්ගලයින් 580,944ක් සඳහා ද රුපියල් බිලියන 2.9ක් බැංකු ගිණුම් වෙත යොමු කරනු ඇත.

වැඩිහිටියන් සඳහා ලබා දෙන මාසික දීමනාව මේ මාසයේ සිට රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි කර ඇති බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේ ය.