ගවයින් සහ එළුවන් සඳහා වූ රක්ෂණ ක්‍රමවේදය යළිත්..

ගවයින් සහ එළුවන් සඳහා වූ රක්ෂණ ක්‍රමවේදය යළිත්..

by Staff writer 10-04-2025 | 10:53 AM

COLOMBO (News 1st) - ගවයින් සහ එළුවන් සඳහා වූ රක්ෂණ ක්‍රමවේදය, යළි සක්‍රීය කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන  රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇත.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, ගොවීන් සත්ත්ව පාලනයට යොමු කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

රක්ෂණ ක්‍රියාවලියේදී ගවයින් සඳහා, පවතින වෙළෙඳපොළ වටිනාකමින් සියයට 3 ත් 4 ත් අතර මුදලක්, රක්ෂණ වාරික ලෙස වාර්ෂික අය කෙරේ.

එළුවෙකු සඳහා වාර්ෂික රක්ෂණ වාරිකය, වෙළෙඳපොළ වටිනාකමින් සියයට 7 ක්.

එම සතුන් මියයාමකදී හෝ පූර්ණ ලෙස බෙලහීන වීමකදී රක්ෂිත මුදල ගෙවීමට කටයුතු කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ ය.