.webp)
ඒ, මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට අද යළි ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥයින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා ය.
අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු මස 06 වැනිදා අත්අඩංගුවට ගත්තේ රජයේ ඉදිකිරීමක් සඳහා පවරා දුන් ඉඩමක් පෞද්ගලික ගැනුම්කරුවෙකුට විකිණීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ය.
මේ අතර, දැනට සැඟවී සිටින මෙම නඩුවේ සැකකරුවන් වන ප්‍රසන්න රණවීර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයෙකු වහා අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරිය අද වරෙන්තු නිකුත් කළා ය.