තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

by Staff writer 08-04-2025 | 12:31 PM

COLOMBO(News1st) - පළාත් පාලන ආයතන 114කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළු රක්ෂිත පැකට්ටු අද(08) තැපෑලට භාරදෙන බව, මැතිවරණ කොමිසම පවසයි.

සෙසු ආයතනවල තැපැල් ඡන්ද පත්‍රිකා භාරදීම ප්‍රමාද වන්නේ, අධිකරණ ක්‍රියාමාර්ග පැවතීම හේතුවෙනි.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 දිනවල පැවැත්වේ.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට අප්‍රේල් 28 හා 29 යන දිනවල ද ඡන්දය සලකුණු කළ හැකි වේ.