.webp)
ඒ , ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා මිලියන දෙක බැගින් වූ ශරීර ඇප 5ක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ය.
රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පළාත් සභාවට අයත්ව තිබූ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්ඉකුත් වීමට පෙර එම බැංකුවෙන් ඉවත්කරගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 173ක මුදලක් පාඩු කිරීමේ චෝදනාව සම්බන්ධව සැකකාර චාමර සම්පත් දසනායක මහතා මාර්තු මස 27 සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ය.
සිද්ධිය සම්බන්ධ මූලික විමර්ශන සිදු කර අවසන් බව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට යටතේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවට අදාලව .චාමර සම්පත් දසනායක මහතා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.