T20 ලෝක කුසලානය දිනා අදට වසර 11ක්

ශ්‍රී ලංකාව T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක්

by Staff writer 06-04-2025 | 2:51 PM

COLOMBO (News1st) - ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක් සපිරේ.

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති 2014 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වුණේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 130ක් පමණි.

විරාත් කෝලි ලකුණු 77ක් රැස් කළේය.

ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී සිටියදිය තරගය ජය ගත්තේය.

කුමාර් සංගක්කාර පන්දු 35 කදී නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.