ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන බෙදූ අයෙක් අත්අඩංගුවට..

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හැරි සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 28-03-2025 | 6:11 PM

COLOMBO (News 1st) –ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරින ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ NCMEC ඒකකයේ නිලධාරීන් විසින් ය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන කැන්දලියද්ද පාළුව, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සන්තකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුලත් ජංගම දුරකථනයක් හා පරිඝණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය මගින් සිදු කරනු ලබයි.

මෙවැනි සයිබර් අපරාධ නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය අන්තර් ජාතික ආයතන හා සම්බන්ධ වී කටයුතු කරන අතර ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් තම උපරිම දායකත්වය සපයමින් කඩිනමින් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනු ලබයි.