.webp)
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
මෙම සංචාරයේදී මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලයේදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනීමට නියමිත බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන්කළේ ය.
ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක්ද ඔහු ජනතා අයිතියට පත් කරනු ඇති.
මෙම සංචාරය අතරතුරදී දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ ය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ කටයුතු ලේකම්වරයා සහ ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සංචාරයට සහභාගී වීමට නියමිතයි.