අතුරුදන් පළාත් සභා වාහන ගැන සෙවීම ඇරඹෙයි

අතුරුදන්ව ඇති පළාත් සභාවලට අයත් වාහන පිළිබඳ සෙවීම ඇරඹෙයි..

by Haindu Gihan 28-03-2025 | 7:28 AM

COLOMBO ( News 1st ) - අතුරුදන්ව ඇති පළාත් සභාවලට අයත් වාහන පිළිබඳ සෙවීම ආරම්භ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම වාහන සම්බන්ධ විමර්ශනයට කණ්ඩායමක් ද පත් කර ඇති බවයි.

පළාත් සභා සතු ආයතන, ව්‍යාපෘති සඳහා ඇතැම් නිලධාරීන්ට භාවිතයට මුදා හැර ඇති ඇතැම් වාහන අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම විමර්ශනය ආරම්භ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, රජයට අයත් එම වාහන අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.