පොදු ප්‍රවාහන සේවාවට බාධා ගෙනඑන පුද්ගලයින්ට වැඩ වරදින ලකුණු...

by Staff writer 27-03-2025 | 8:55 AM

COLOMBO (News 1st) - පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණු වන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ ප්‍රවහන, මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසිනි.

එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඉදිරියේදී අත්‍යශව්‍ය සේවා බිඳ වට්ටන සහ එම සේවා කඩාකප්පල් කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොතබන බවයි.

පසුගිය 24 වැනිදා ගාල්ල - මාතර බස් රියදුරෙකුට පහරදිමේ සිදුවීමත් සමග අමත්‍යවරයා  ඒ බව ප්‍රකාශ කළේ ය.

එම පහර දීම සිදු කළ හා එයට අනුබල දුන් ලොරි රථ රියදුරාට සහ ත්‍රිරෝද රථ රියදුරුට නීතිය දැඩිව ක්‍රියත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරායා වැඩිදුරටත් සඳහන් කළා.

සැකකරුවන් සියලු දෙනා මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඉදිරියේදී  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.