CID ය දේශබන්දුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

බන්ධනාගාරයේදී CID ය දේශබන්දුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

by Staff writer 26-03-2025 | 3:42 PM

COLOMBO (News1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ, විමර්ශන නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනි දා මාතර වැලිගම හෝටලයක් අසළ සිදු වු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු මිය ගියේ ය.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාව ලබන 08 හෝ 09 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ය.

මන්ත්‍රීවරුන් 115කගේ අත්සන් සහිතව අදාළ යෝජනාව ඊයේ(25) දියේ කථානායකවරයාට භාර දුන්නේය.