ඖෂධ මිල නියාමනයට ගැසට් නිවේදනයක්

ඖෂධ මිල නියාමනයට ගැසට් නිවේදනයක්

by Staff writer 26-03-2025 | 3:48 PM

COLOMBO (News1st) - ඖෂධ මිල නියාමනය නව රෙගුලාසි පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනි.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් ඖෂධවල උපරිම මිල සංශෝධනයක් සිදු කිරීමට අවසරය හිමි වේ.

ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමට ද එම අධිකාරියට මේ යටතේ නීතිමය බලය හිමි වේ.