ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට තවත් අයෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 24-03-2025 | 9:31 AM

COLOMBO (News 1st) –ග්‍රෑන්ඩ්පාස්,  නාගලගම්වීදිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, දුරකතන ඇමතුමක් දී තුවාලකරුවන්ව වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ගෙන්වා ඇති සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ වයස, අවුරුදු 31 කි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩි තැබීම කර තිබුණේ, පසුගිය 17 වැනිදායි.