ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට දීමට ඩිජිටල්කරණය වැදගත්

රටේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු ජනතාවට ලබාදීමට ඩිජිටල්කරණය ඉතා වැදගත්... - මහ බැංකු අධිපති

by Staff writer 23-03-2025 | 9:26 PM

COLOMBO (News 1st) –රටේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු ජනතාවට ලබාදීමට ඩිජිටල් කරණය ඉතා වැදගත් බව  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහබැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මනා අවබෝධයකින් හා මූල්‍ය සාක්ෂරතාවකින් යුතුව ඩිජිටල් කරණ ක්‍රියාවලියට දායක වන ලෙසයි.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කරන 2025 වසර සඳහා වන සිය ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට නුවරඑළියේ දී එක්වෙමින් ය.

අද වැඩසටහනේ දෙවන දිනය පැවැත්වුනේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ය.