.webp)
COLOMBO (News 1st) - ආහාර නිෂ්පාදනය හා ඒ ආශ්රිත ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයින්ට උණ සන්නිපාතය වෙනුවෙන් විශේෂ එන්නතක් ලබාදීම ආරම්භ කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාල මට්ටමින් එම එන්නත ලබා දෙන බවයි.
ඉදිරියේදී ආහාර නිෂ්පාදනය ආශ්‍රිතව සේවාවල නිරත වීමට අපේක්ෂා කරන සේවකයින් උණ සන්නිපාතය එන්නත ලබා ගෙන ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වීම අනිවාර්ය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.