.webp)
පොලිසිය පැවසුවේ, සෝදිසි වරෙන්තුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවස පරීක්ෂා කිරීමට එරෙහිව ඇය මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි.
ඊයේ (18) පස්වරුවේ දේශබන්දු තෙන්කෝන් මහතාගේ නැගෙනහිර හෝකන්දර පිහිටි නිවස පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී මත්පැන් බෝතල් දහසකට අධික ප්‍රමාණයක් සොයා ගත්තේ ය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරමින් කියා සිටියේ ජංගම දුරකතන දෙකක්ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි.