.webp)
COLOMBO (News 1st) - මෝසමක් මගින් අධිකරණට භාර වූ දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට(20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ, මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හමුවේ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඇප නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බවයි.
2023 දෙසැම්බර් 31 වැනි දා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වැනි දා වරෙන්තු නිකුත් කර තිබේ.
අනතුරුව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.