සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද සංකේත වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද උදෑසන සිට සංකේත වැඩ වර්ජනයක

by Staff writer 18-03-2025 | 6:08 AM

COLOMBO (News 1st) - දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද(18) උදෑසන 7.00 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, අද උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වුවද හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන බවයි.

රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, ඖෂධවේදීන්ගේ සංගමය, වෘත්තීය චිකිත්සකවේදීන්ගේ සංගමය, භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය, කතන හා භාෂා ව්‍යාධිවේදීන්ගේ සංගමය සහ ශ්‍රවණවිද්‍යා නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 19ක් මේ වර්ජනය සඳහා එක්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමය පැවසීය.