.webp)
COLOMBO (News 1st) - කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ, 30 හැවිරිදි අදාළ සැකකරුවන් තායිලන්තයේ, බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති බවයි.
මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම් රු. මිලියන 25ක් පමණ වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියන් ජාතික යුවළකි.
මෙම යුවළ පළමු වරට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ඉන්දියාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන යුවළක් බව සඳහන්ය.
ඔවුන් ගමන් මළු දෙකක් තුළ සූක්ෂම සඟවා මෙම කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබේ.