.webp)
COLOMBO (News 1st) - මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(18) ඉල්ලා අස්කර ගෙන තිබේ.
නීතිපතිවරයා අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබුණේ, අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
එම දැනුම්දීම අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගනු ලැබීය.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව 5ක් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.