පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක්...

අපරාධ විමර්ශන, වාර්තා කිරීම ගැන පොලිසියෙන් නිවේදනයක්..

by Staff writer 17-03-2025 | 3:39 PM

COLOMBO (News 1st) - අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් ලිංගික හිංසනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනයේ සඳහන් වෙන්නේ, පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ B වාර්තාවේ සඳහන් සමහර කරුණු ඇතැම් මාධ්‍ය විසින් ගෙන ප්‍රවෘත්ති පළ කර ඇති බවට නිරීක්ෂනය වන බවයි.

පොලිසිය සඳහන් කරන්නේ, එලසෙ උපුටා දැක්වීම, සැකකරුගේ ඡායාරූප පළ කිරීම ඉදිරි නඩු කටයුතු සඳහා අගතිගාමී ලෙස බලපා ඇති බවයි.