.webp)
COLOMBO (News 1st) -
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අතවර කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ සැකකරු අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවට සැඟව සිටීමට සහය දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ සහෝදරිය සහ ස්වාමීපුරුෂයා අද ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම පසුගියදා අතවරයට ලක්ව තිබිණි.