බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10

බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනි දා

by Staff writer 16-03-2025 | 6:49 AM

COLOMBO (News 1st) - බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනි දා ආරම්භ වේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ, ඒ සඳහා මැයි මාසයේ ද තවත් දිනයක් යොදා ගන්නා බවයි.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පෙරේදා සභාගත කළේ ය.

ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එය ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කරන බවයි.

වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.