ඥාති සොහොයුරන් දෙදෛනකු ඝාතනය කෙරේ..

ග්‍රෑන්ඩ්පාස් ගැටුමක් අතරතුර ඥාති සොහොයුරන් දෙදෛනකු ඝාතනය කෙරේ..

by Staff writer 15-03-2025 | 12:55 PM

COLOMBO (News1st) - ග්‍රෑන්ඩ්පාස්, කැලණිතිස්සගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඥාති සොහොයුරන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ ඔවුන් තවත් පිරිසක් සමග එක්ව කිසියම් පිරිසකට පහරදීම සඳහා උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමක් අතරතුර මෙම ඝාතන සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 22 හා 23 හැවිරිදි සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.