උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්...

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්...

by Staff writer 15-03-2025 | 12:44 PM

COLOMBO (News1st) - නානුඔය ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමට ලක්ව ති‌බේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බවයි.

මේ අතර හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගය අද(15) පෙරවරු 10.00 ට වසා දමා ඇත. ඒ  හෙට(16)  උදෑසන 6.00 දක්වායි

දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ,ඒ හේතුවෙන් කඩුගන්නාව - පොත්තපිටිය මාර්ගයේ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.