ගිනිඅවි 7 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවි 7 ක් ඇතුළු ආයුධ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

by Staff writer 14-03-2025 | 6:18 PM

COLOMBO (News1st) - ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවි 7 ක් ඇතුළු ආයුධ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදීයි.

70 හැවිරිදි සැකකරු, මීට මාස 6කට පෙර ඉතාලියේ සිට පැමිණි අයෙකි.

පොලීසිය සඳහන් කළේ, ඔහු ඉතාලියේ සිට දිවයිනට පැමිණෙන අවස්ථාවල එම ගිනිඅවි රැගෙනවිත් ඇති බවයි.