ඉඩම් අක්කර 13,000ක් වගාවට පෞද්. අංශයට

වතු සමාගම්වල ඉඩම් අක්කර 13,000ක් වගාව සඳහා පෞද්ගලික අංශයට..

by Hashini De Mel 14-03-2025 | 7:10 AM

COLOMBO (News 1st) - රජය සතු වතු සමාගම් වල ඉඩම් අක්කර 13,000ක්  වගා කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා පෞද්ගලික අංශයට බදු දීමට තීරණය කර තිබේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ ඌන අපයෝජිත ඉඩම් මේ සඳහා තෝරාගෙන ඇති බවයි.