වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු රිමාන්ඩ්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

by Staff writer 14-03-2025 | 6:24 PM

COLOMBO (News1st) - අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළා යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද(14) පස්වරුවේ ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ගල්නෑවේ පිහිටි ඔහුගේ නිවසේ තිබී අද පෙරවරුවේ ජීව අත්බෝම්බයක් ද සොයා ගැනුණි.

වෛද්‍යවරිය අපයෝජනය කිරීමේ සිදුවීමට අධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ සහෝදරිය ද ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ය.