.webp)
COLOMBO (News 1st) -
මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.20,000 ක් පමණ වූ සංඝරත්නය පිරිවරා බුදුරජාණන් වහන්සේ සිය උපන් බිම වන කිඹුල්වත් පුරයට වැඩම කර, ඥාතීන්ට කෘතගුණ දැක්වූයේ අද වැනි පොහෝ දිනකයි.
ඥාතීන්ගේ මානය දුරු කිරීම, යමාමහ පෙරළර පෑම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු සහ නන්ද කුමරු පැවිදි කරලීම ආදී වැදගත් සිදුවීම් රැසක්, මැදින් පොහෝ දිනයේ වීම, විශේෂත්වයකි.
ලෝකවාසී බෞද්ධ බැතිමතුන් අද අලුයම සිට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ ආගමික වතාවත් වල නිරත වෙයි.