.webp)
COLOMBO (News 1st) -
සිරස TV Magic Ice Cream Carnival 11 වැනි අදියර අද ඇහැලියගොඩදී අති සාර්ථකව නිමාවට පත්විය.සිරස අයිස් ක්‍රීම් කානිවල් 11 වන අදියර ඊයේ ආරම්භ වුණේ, ඇහැලියගොඩ මහජන ක්‍රීඩාංගණයේදීය.
අයිස්ලන්තය , මැජික් සංදර්ශන , මෙරිගෝ රවුන්ඩ්ස් , ෆන් බවුන්ස් ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් සමගින් ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව දින දෙකක් පුරාවට අයිස් ක්‍රීම් කානිවල් වෙත පැමිණි ඇහැලියගොඩ ජනතාවට උදා විය.
ඊයේ රාත්‍රියේ සිදූව බ්‍රේව් සංගීතයට දිවයිනේ ජනකාන්ත ගී තරු රැසක් ගීත්වත් වූ අතර අද රාත්‍රියේ අයිස් ක්‍රීම් කානිවල් ගීතවත් කළේ, ඇන්ට්ස් සංගීත කණ්ඩායමයි.
ප්‍රදීප් රංගන , දිමංක වෙල්ලාලගේ , නිලාන් හෙට්ටිආරච්චි, රමියා සහා අශන්යා ප්‍රේමදාස සිරස ටී.වී මැජික් අයිස් ක්‍රීම් කානිවල් ප්‍රසංග වේදිකාවට ගොඩවිය.
සිරස අයිස් ක්‍රීම් කානිවල් 11 වන අදියර අද ඇහැලියගොඩ මහජන ක්රීඩාංගණයේදීයි නිමාවට පත්වුනේ යළිත් නුදුරේදීම එවැනිම අත්දැකීමක් මෙරට ජනතාවට තිළින කිරීමේ බලාපොරොත්තුවෙන් ය.