ඔස්ට්‍රේලියාව කළඹන ඇල්ෆ්‍රඩ්...

ඔස්ට්‍රේලියාව කළඹන ඇල්ෆ්‍රඩ්...

by Staff writer 08-03-2025 | 7:33 PM

COLOMBO (News 1st) - ඇල්ෆ්‍රඩ්  සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත කඩා වැදී තිබේ.

ඒ පැයට කිලෝ මීටර්  107 ක වේගයෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුළි කුණාටුවත් සමග හටගත් වර්ෂාවත් සමග ඇතිවූ ජල ගැලීම්වලට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මේ වන විට හමුව ඇති බවයි.

කුණාටුව අතරතුර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 36 කුද තුවාල ලබා ඇත.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 260,000 කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇතැයිද සඳහන්.

ප්‍රාන්ත දෙකෙහි ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ වැසි ඇද හැළෙන අතර ගංවතුර තත්ත්වයන් හමුවේ පුද්ගලයින් 20,000 කට නිවාස වලින් ඉවත්වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන්, එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවූ බවට මෙතෙක් කිඳු වාර්තාවක් ලැබී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ඒ පිළිබදව දැඩි අවධානය යොමු කර ඇති බවයි.