අදානි සුලං බලවිදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නෑ

අදානි සුලං බලවිදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නෑ - බලශක්ති ඇමති

by Staff writer 08-03-2025 | 1:02 PM

COLOMBO (News 1st) –අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බලවිදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ය.

අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

ඔහු පැවසුවේ, එම අවස්ථාවේ ඉන්දීය අදානි මව් සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ආයෝජන මණ්ඩලය ඒ පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය සාකච්ඡා කළේ, අදානි සමාගමේ ලංකාවේ පිහිටි නියෝජිත ආයතනය සමග බවයි.

ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එම ලිපියට දෙසතියක් ඇතුළත පිළිතුරු අපේක්ෂා කරන බවද පැවසුවේ ය.

සති දෙකක් ඇතුළත සෘණාත්මක පිළිතුරක් ලැබුණහොත් පමණක් විකල්පයකට යොමුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කලා