කජ්ජා ඝාතන කොන්ත්‍රාත්තුව ගැන අනාවරණයක්

මීගස්ආරේ කජ්ජා ඝාතනය රු. ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇතැයි අනාවරණයක්

by Chathurika Jayasundara 06-03-2025 | 11:35 AM

COLOMBO (News1st) - අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇතැයි අනාවරණය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි.

ඉතිරි මුදල, ගිණුම්ගත කිරීමේ එකඟතාව මත ඝාතනය සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මේ දක්වා එම මුදල සැකකරුට දී නොමැති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මීගස්ආරේ කජ්ජා පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

එහිදී තුවාල ලැබූ ඔහුගේ දරුවන් දෙදෙනා ද පසුව මිය ගියේ ය.