.webp)
COLOMBO (News 1st) - සූරියවැව, රන්දියගම වීරියගම ප්රදේශයේදී මව සහ පුතු විදුලි සැර වැදී මිය ගොස් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, නිවස පිටුපස ඇද තිබූ විදුලි කම්බියක ගැටී ඔවුන් දෙදෙනා මිය ගොස් ඇති බවයි.
ඊයේ(05) දහවල් 2.30ට පමණ නිවස පිටුපස ඉදිකර ඇති බේකරියකට ආසන්නයේදී ඔවුන් දෙදෙනා බේකරියට ඇද තිබූ විදුලි කම්බියක ගැටී තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ, සූරියවැව, රන්දියගම වීරියගම ප්රදේශයේ පදිංචි කාන්තාවක් සහ ඇයගේ අවුරුදු 5ක් වයසැති පුත්රයායි.
පෙරපාසල් ගොස් පැමිණි පුත්රයා නිවස පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී ඔහු විදුලි කබ්බියේ ගැටී ඇත.
දරුවා පිළිබඳව මව සොයා බලා ඇත්තේ පසුවයි.
එහිදී බිම ඇද වැටි සිටි සිය දරුවා නැගිට්ටවීමට උත්සහ කිරීමේදී මවට ද විදුලි සැර වැදී ඇති බව පොලීසිය පැවසීය.