ගම්මැද්ද V Force කණ්ඩායමෙන් තවත් මෙහෙවරක්

ගම්මැද්ද V Force කණ්ඩායමෙන් තවත් මෙහෙවරක්

by Staff writer 06-03-2025 | 3:11 PM

COLOMBO (News1st) - ගම්මැද්ද V Force කණ්ඩායම අද(06) අකුරැස්ස පෝරතොට ශ්‍රී මේධංකර විද්‍යාලය ගියා.

ඒ, පාසලේ දරුවෝ 70 ක් ඉගෙන ගන්නවා.  

අද ඉස්කෝලේ ලස්සන කෙරෙන දවසක් නිසා දරුවෝ වගේම ගුරු දෙගුරුනුත් උදෙන්ම ඇවිල්ලා හිටියේ බොහොම උනන්දුවෙන්.

ගම්මැද්ද V Force සාමාජිකයින් අද ඉස්කෝලෙට ආවේ තීන්ත ආලේප කලා දීලා, දරුවන්ගේ ඉගෙනුම් පරිසරය සුන්දර කරන්න.

ගම්මැද්ද V Force ක්‍රියාන්විතය මේ වගේ ප්‍රජා සත්කාර රැසක් ලංකාව පුරා සිදුකර තිබේ.

V Force කණ්ඩායම තීන්ත ආලේප කළේ ගුරු මණ්ඩලය, මව්පියන් සහ දරුවන් එක් කර ගනිමිනි.

මේ වැඩසටහනේදී කන්සයි ලංකා පුද්ගලික සමාගම ගම්මැද්ද V Force ක්‍රියාන්විතය සමග නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා.