.webp)
පොලීසිය සඳහන් කළේ, 42 හැවිරිදි සැකකරු මිද්දෙණිය ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
වෙඩි තැබීමෙන් පසු ඔහු පලාගිය යතුරුපැදිය ද මිද්දෙණිය ප්රදේශයේ අතහැර දමා තිබූ ගල්වලක දමා තිබියදී සොයා ගත් බව පොලිසිය ප්රකාශ කළේ ය.
යතුරු පැදිය ගොඩගෙන ඇත්තේ, කිමිදුම්කරුවන් යොදා ගනිමිනි.
මිද්දෙණිය තෝරකොළයාය ප්රදේශයේ පසුගිය මස 18 වැනිදා සිදු වූ වෙඩි තැබීමකින්, අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා,, ඔහුගේ 6 හැවිරිදි දියණිය සහ 9 හැවිරිදි පුත්රයා ඝාතනයට විය.
දරුවන් දෙදෙනා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එම වෙඩි තැබීම සිදුවිය.