ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ අත්අඩංගුවට

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ CIDය විසින් අත්අඩංගුවට

by Staff writer 05-03-2025 | 2:15 PM

COLOMBO (News1st) - ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළව එම ප්‍රකාශය ලබා ගෙන තිබේ.

එම විමර්ශනයට අදාළව මීට පෙර යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

CSN නාලිකාවේ මුදල්, හවුල් ගිණුමක් මගින් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය ක්‍රියාත්මකයි.